උතුරු ප්‍රංශ මුහුදේ යාත්‍රාවක් පෙරලී 8 දෙනෙකු මරුට

උතුරු ප්‍රංශ මුහුදේ යාත්‍රාවක් පෙරලී 8 දෙනෙකු මරුට

උතුරු ප්‍රංශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් පෙරලීයාමෙන් සංක්‍රමණිකයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර ළමුන් 6 දෙනෙකු සහ ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 50 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බව සඳහන්.

ප්‍රංශයේ සිට එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදීයි අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ.

Share This