උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

උතුරු මැසිඩෝනියාවේ කොකානි හි ජනාකීර්ණ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි

ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ

මෙම ගින්න හටගන්නා විට රටේ ජනප්‍රිය හිප-හොප් යුගලයක් වන ඩීඑන්කේ සංගීත ප්‍රසංගයකට 1500ක් පමණ පිරිසක් එහි සහභාගී වී සිට තිබෙනවා.

ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම ගින්නට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ

එමෙන්ම රජය දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව එරට ස්ලොබොඩන් පෙකැට් පුවත්පත වාර්තා කර තිබෙනවා

කෙසේ වෙතත් සාද පවත්වන සියලුම රාත්‍රී සමාජශාලා සහ අවන්හල් ස්ථාන හදිසි පරීක්ෂාවන්ට ලක් කිරීමට ද නියෝග කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා

Share This