
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 51 දෙනෙකු මරුට
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගින්නෙන් තවත් 118 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න හටගන්නා විට රටේ ජනප්‍රිය හිප-හොප් යුගලයක් වන ඩීඑන්කේ සංගීත ප්‍රසංගයකට 1500ක් පමණ පිරිසක් එහි සහභාගී වී සිට තිබෙනවා.
මිය ගිය අය අවුරුදු 14ත් 24ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.