
උදය ගම්මන්පිල ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
උදය ගම්මන්පිල යන අය අද (29) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා.
ගම්මන්පිල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද පැමිණිළි කළේ මන්ත්‍රී වැටු පක්ෂකාර්යාලයට පරිත්‍යාග කිරීම නීති විරෝධී බව පවසමින්.
” ආණ්ඩුවේ මන්ත්‍රීවරු වැටුප පක්ෂ කාර්යාලයට පරිත්‍යාග කරනවා. පක්ෂ කාර්යාලයෙන් ඔවුන්ට දීමනාවක් ගෙවනවා කියලා කියනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප නිශ්චිතව වියදම් කළ හැකි කොටසක් සහ තමන්ට කැමති විදිහට වියදම් කළ හැකි කොටසක් තිබෙනවා.
මසකට කෝටි තුනකට ආසන්න මුදලක් සියලු මන්ත්‍රීවරුන් පක්ෂ කාර්යාලයට ප්රදානය කරනවා. රටේ ජනතාවගේ බදු මුදල් තමයි මෙලෙස පරිත්‍යාග කරන්නේ එයට එරෙහිවීමට සහ කතා කිරීමට අපට හැකියාවක් තිබෙනවා” ගම්මන්පිල මහතා පවසනවා.
