උද්ධමනයේ දැවැන්ත වෙනසක්

උද්ධමනයේ දැවැන්ත වෙනසක්

මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 2.1%ක් ලෙස දැක්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජූලි මස උද්ධමනය දැක්වුණේ 4.6%ක් ලෙසයි.

මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 5.4% දක්වා අඩුවී ඇති අතර එම අගය ජූලි මාසයේදී -4.6%ක් ලෙස සටහන් වී තිබුණා.

ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේදී ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ දක්නට ලැබුණු බව සඳහන්.

Share This