උද්ධමනයේ වැඩිවීමක්

උද්ධමනයේ වැඩිවීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ දී උද්ධමනය 4.0% දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය පසුගිය නොවැම්බර් මාසයේ 3.4 % ක් ලෙසයි වාර්තා වී තිබුණේ

එමෙන්ම දෙසැම්බර් මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.3% දක්වා වැඩි වී ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙසයි.

මීට අමතරව දෙසැම්බර් මාසයයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 5.8 % ක් දක්වා අඩු වී ඇති අතර එය නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා වී තිබෙනවා

Share This