උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසයි

උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසයි

2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙරට උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (14) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

බදු ආදායම ද 48%කින් වර්ධනය වූ අතර සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අයවැය ලේඛනයට හිමිවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This