උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් මෙම තේරීම් කමිටුව පත්කරන බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මීට අමතරව නොබෝ දිනකදී ක්‍රිකට් සඳහා පැනවූ තහනම ඉවත් වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා

Share This