එක්සත් ජනපදය සහ ඉරානය අතර වාද ඇවිලෙයි

එක්සත් ජනපදය සහ ඉරානය අතර වාද ඇවිලෙයි

ඉරානයේ අයතුල්ලා අලි කමේනි “කැත සහ නින්දිත මරණයකින්” බේරා ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අගෞරවනීය සහ පිළිගත නොහැකි” ප්‍රකාශ හෙළා දැක තිබෙනවා.

“ජනාධිපති ට්‍රම්ප්ට ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය අවංක වුවමණාව තිබේ නම්, ඔහු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි කෙරෙහි දක්වන අගෞරවනීය සහ පිළිගත නොහැකි ස්වරය පසෙකට දමා ඔහුගේ මිලියන ගණනක් හෘදයාංගම ආධාරකරුවන්ට රිදවීම නැවැත්විය යුතුයි.” යැයි අරග්චි සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි ඔහුගේ ගිණුමේ සදහන් කර තිබෙනවා.

“අපගේ මිසයිලවලින් සමතලාවීම වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලට ඔවුන්ගේ පාලන තන්ත්‍රයට ‘තාත්තා’ වෙත දිව යාම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලොවට පෙන්වූ ශ්‍රේෂ්ඨ හා බලවත් ඉරාන ජනතාව, තර්ජන සහ අපහාසවලට කරුණාවෙන් සලකන්නේ නැතැයි” විදේශ අමාත්‍යවරයා තව දුරටත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුමේ දක්වා තිබෙනවා.

අද (28) විදේශ අමාත්‍යවරයාගේ හෙළා දැකීම සිදු වූයේ ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේදී ඉරාන නායකයා ඝාතනයෙන් බේරා ගත් බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

ඔහු, සිය සමාජ මාධ්‍ය ගිනුමේ කමෙයිනිට අකෘතඥතාව දැක්වූ බවට චෝදනා කළා.

“ඔහුට රැකවරණය ලබා දී ඇති ස්ථානය මම හරියටම දැන සිටියා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම ඊශ්‍රායලයට හෝ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට ඔහුගේ ජීවිතය අවසන් කිරීමට මම ඉඩ නොදුන්නෙමි ” ‍යැයි ට්‍රම්ප් පළ කර තිබිණි.

“මම ඔහුව ඉතා කැත සහ නින්දිත මරණයකින් බේරා ගත්තෙමි, ඔහු ‘ස්තූතියි, ජනාධිපති ට්‍රම්ප්!’ කියන්න අවශ්‍ය නැහැ” යැයි ට්‍රම්ප් තවදුරටත් පවසා තිබුණා.

ටෙහෙරානයේ ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වන ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කිරීම සඳහා මෑත දිනවල කටයුතු කරමින් සිටි බව ද ට්‍රම්ප් සිය Truth Social ගිනුමේ සදහන් කර තිබුණා.

” ඒ වෙනුවට මට කෝපය, වෛරය සහ පිළිකුල පිළිබඳ ප්‍රකාශයකින් පහර දෙනවා, ඒ වගේම සම්බාධක සහන සහ තවත් බොහෝ දේ පිළිබඳ සියලු කටයුතු වහාම අතහැර දැමුවා,” ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ ඉරානයට සාකච්ඡා මේසයට නැවත පැමිණෙන ලෙස අවවාද කරන බවයි.

ලබන සතියේ නැවත සාකච්ඡා ආරම්භ කරන බව ට්‍රම්ප් පැවසීමෙන් පසුව, එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීම ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර, ඊශ්‍රායලය සමඟ දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත් වුණා.

මධ්‍යම ටෙහෙරානයේ, එංගෙලාබ් චතුරශ්‍රය අසල විශාල ජනකායක් මියගිය අණදෙන නිලධාරීන්ගේ පින්තූර සහිත ඉරාන ධජයෙන් ඔතා තිබූ මිනී පෙට්ටි දෙපස තබා තිබුණා.

මෙම සතිය මුලදී එක්සත් ජනපදය ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලීමෙන් සෘජුවම ඊශ්‍රායලය සමග සම්බන්ධ වීමෙන් පසුව, උත්සන්න වූ ගැටුම සටන් විරාමයකින් අවසන් කළා.

අවසන් කටයුතු සිදු කරන පිරිස අතර ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා වූ ඉරානයේ ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු වන මොහොමඩ් බගෙරි ද වනවා.

 

Share This