එක්සත් ජනපද නාවික හමුදා රතු මුහුදේ Houthi කැරලිකරුවන්ගේ බෝට්ටු විනාශ කරයි

එක්සත් ජනපද නාවික හමුදා රතු මුහුදේ Houthi කැරලිකරුවන්ගේ බෝට්ටු විනාශ කරයි

එක්සත් ජනපද නාවික හමුදා රතු මුහුදේ Houthi කැරලිකරුවන්ගේ බෝට්ටු විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රතු මුහුදේ බහාලුම් නෞකාවකට ගොඩවීමට උත්සාහ කළ Houthi කැරලිකරුවන්ගේ කුඩා බෝට්ටු විනාශ කර ඇති බවයි එක්සත් ජනපද නාවික හමුදාව සඳහන් කරන්නේ

යේමනයේ Houthi පාලන ප්‍රදේශවලින් පැමිණි යාත්‍රා හතරක් Maersk Hangzhou වෙත වෙඩි තබා නෞකාවේ සිට ළඟා වූ බව එක්සත් ජනපද හමුදාව පවසා තිබෙනවා

අසල පිහිටි එක්සත් ජනපද යුද නැව් වලින් හෙලිකොප්ටර් යානා ආපදා ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ අතර වෙඩි තැබීමෙන් පසු තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගත් බවයි පැවසෙන්නේ

Houthi ප්‍රකාශකයෙකු පැවසුවේ සිදුවීමෙන් පසු එහි කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදන් වී ඇති බවයි .

නොවැම්බර් මාසයේ සිට Houthi හමුදා රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කර ඇති අතර, අත්‍යවශ්‍ය නැව් මාර්ගය හරහා ගමන් කරන යාත්‍රාවලට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර 100 කට වැඩි ප්‍රමාණයක් දියත් කර තිබෙනවා .

ලොව විශාලතම නැව් සමාගමක් වන Maersk, රතු මුහුද හරහා යාත්‍රා කිරීම පැය 48ක් සඳහා නවතා තිබූ බවද සඳහන්

එක්සත් ජනපදය සහ එහි සහචරයින් ප්‍රදේශයේ නැව් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුව, සමාගම දින කිහිපයකට පෙර මාර්ගය භාවිතා කිරීම නැවත ආරම්භ කර තිබෙනවා

Share This