එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අද ඊශ්‍රායලයට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අද ඊශ්‍රායලයට

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12) එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබෙනවා

පලස්තීන දේශපාලන නායකත්වය බටහිර ඉවුරේ මහමුද් අබ්බාස්ගේ Fatahparty සහ ගාසා තීරය පාලනය කරන එහි ඉස්ලාමීය සටන්කාමී හමාස් විරුද්ධවාදීන් අතර බෙදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

හමාස් ප්‍රහාරයෙන් පසු රටට සහ එහි ජනතාවට සහය දැක්වීමක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැය කිහිපයකින් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This