එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පළමු රැස්වීම පවත්වයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පළමු රැස්වීම පවත්වයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය AI නොහොත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සිය පළමු රැස්වීම පවත්වා තිබෙනවා

එහිදී චීනය ප්‍රකාශ කළේ තාක්‍ෂණය “පලා යන අශ්වයෙකු මෙන් ” නොවිය යුතු බවයි

එක්සත් ජනපදය මිනිසුන් වාරණය කිරීමට හෝ මර්දනය කිරීමට එය භාවිතා කිරීමට එරෙහිව අනතුරු අඟවා තිබෙනවා .

රැස්වීමේ මුලසුන දැරූ බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් James Cleverly පැවසුවේ AI නොහොත් කෘත්‍රිම බුද්ධිය මිනිස් ජීවිතයේ සෑම අංශයක්ම මූලික වශයෙන් වෙනස් කරන බවයි.

තාක්‍ෂණය වැරදි තොරතුරු පෝෂණය කරන බවත් ආයුධ සෙවීමේදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට උපකාර කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා .

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම කවුන්සිලයට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ AI නොහොත් කෘත්‍රිම බුද්ධිය ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ඉතා බරපතල ප්රතිවිපාක ඇති කළ හැකි බවයි

Share This