එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යුක්‍රේන ජනපති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යුක්‍රේන ජනපති නිව්යෝර්ක් නුවරට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්‍රේනය ප්‍රතිප්‍රහාර දියත් කරන විට සහයෝගය ලබා ගැනීම සඳහා ඔහු ලෝක නායකයන් කිහිප දෙනෙකු හමුවීමට සූදානම් වන බවද සඳහන්

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සතිය අගදී වොෂින්ටන් හිදී ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් ජනපද නීති සම්පාදකයින් හමුවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky බදාදා ප්‍රථම වරට බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva පෞද්ගලිකව හමුවීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් සඳහා නායකයින් දෙදෙනාම නිව්යෝර්ක් වෙත පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This