
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ලෝක නායකයින්ගෙන් සාමය ඉල්ලයි
ඉරිදා අලුයම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල වූ ප්‍රහාර තහවුරු කළ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය, රටේ න්‍යෂ්ටික සංවර්ධනය පිළිබඳ පැහැදිලි සඳහනක් වන එහි “ජාතික කර්මාන්තයේ ” සංවර්ධනය නැවැත්වීමට ඉඩ නොදෙන බව පවසනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් නිවේදනය කළ එක්සත් ජනපද ප්‍රහාරවලින් සිදුවූ හානියේ ප්‍රමාණය පැහැදිලි නොකරමින්, ටෙහෙරානයේ ඒජන්සිය ද එහි න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව පැවසුවා.
එක්සත් ජනපද හමුදාව මීට පෙර ඉරානයේ ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නටාන්ස් පරමාණුක බලාගාරවලට පහර දීමට පියවර ගත්තා.
ඉරාන විදේශ අමාත්‍ය සයිද් අබ්බාස් අරග්චි අනතුරු අඟවා ඇත්තේ ඇමරිකානු ප්‍රහාර “සදාකාලික ප්‍රතිවිපාක” ඇති කරන බවටයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ එහි විධිවිධාන යටතේ තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරානයට අයිතියක් ඇති බව ඔහු පවසනවා.
“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයෙකු වන එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කර ඇත,” යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් සිය කණස්සල්ල පළ කරමින් පවසන්නේ අද ඉරානයට එරෙහිව එක්සත් ජනපදය බලය යෙදවීම ගැන තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි.
මෙය දැනටමත් අද්දර සිටින කලාපයක භයානක උත්සන්න වීමක් – සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට සෘජු තර්ජනයක් බව ඔහු පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සමඟ මෙම ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බවයි.
ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් නීතිරීති යටතේ ඔවුන්ගේ බැඳීම් ආරක්ෂා කර ගනිමින් උත්සන්නවීම අඩු කරන ලෙස ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා.
මෙම භයානක මොහොතේ,
හමුදා විසඳුමක් නැත.
ඉදිරි එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.
” එකම බලාපොරොත්තුව සාමයයි ” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරණවා.