එක්සත් රාජධානියට අයත් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

එක්සත් රාජධානියට අයත් නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

යේමනයේ වෙරළට ඔබ්බෙන් එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් රාජධානියට අයත් නෞකාවකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බාබඩෝස් ධජය සහිත නෞකාව Hodeidaවට බටහිර දෙසින් තියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර සුළු හානියක් සිදුවූ බවයි වාර්තා වී ඇත්තේ

බ්‍රිතාන්‍ය සමාගමක් වන Ambrey පැවසුවේ කිසිවෙකුට තුවාලයක් නොමැති බවයි.

ඉරානයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන්, යුද්ධයෙන් විනාශ වූ රටේ වැඩි කොටසක් පාලනය කරන අතර, ඊශ්‍රායල-හමාස් යුද්ධයට විරෝධය පළ කරමින් රතු මුහුදේ නැව් ගමනාගමනයට මාස ගණනාවක් තිස්සේ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා

ඔවුන්ගේ ප්‍රහාර පසුගිය සෙනසුරාදා අග භාගයේ ඉලක්ක රැසකට පහර දුන් අතර පසුව අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This