එක්සත් රාජධානියේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි
එක්සත් රාජධානියට පවතින අධික හිමපතනය හේතුවෙන් ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ඒ අනුව, මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ඇතුළු එක්සත් රාජධානියේ ගුවන් තොටුපළවල්වල ධාවන පථ වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ
මැන්චෙස්ටර් ගුවන් තොටුපළ ඉරිදා උදෑසන පැය කිහිපයක් වසා දැමීමෙන් පසු ධාවන පථ දෙකම නැවත විවෘත කර තිබෙනවා
එම කාලය තුළ අවම වශයෙන් මැන්චෙස්ටර් වෙත පියාසර කළ ගුවන් යානා 12 ක් ලන්ඩන් හීත්‍රෝ, බර්මින්හැම්, ඩබ්ලින්, ග්ලාස්ගෝ සහ පැරිස් වෙත හරවා යවා තිබුණා
ලිවර්පූල් ජෝන් ලෙනන් ගුවන් තොටුපළේ ධාවන පථය ද නැවත විවෘත කර ඇති අතර ලීඩ්ස් බ්‍රැඩ්ෆර්ඩ් ගුවන් තොටුපළේ ධාවන පථය වසා දමා ඇති බව සඳහන්