එක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන්වලට බාධා

එක්සත් රාජධානියේ ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවට එක්සත් රාජධානියේ බලධාරීන් විසින් මගීන් වෙත දැනුම්දී තිබෙනවා.

කෙසේවෙතත් හටගෙන ඇති තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This