එක්සත් රාජධානියේ පුද්ගලයින් 88 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ජාතික අපරාධ ඒජන්සියෙන් පරීක්ෂණ

එක්සත් රාජධානියේ පුද්ගලයින් 88 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ජාතික අපරාධ ඒජන්සියෙන් පරීක්ෂණ

කැනඩාවේ පුද්ගලයෙකුගෙන් විෂ සහිත ද්‍රව්‍යයක් මිලදී ගැනීමෙන් එක්සත් රාජධානියේ පුද්ගලයින් 88 දෙනෙකු මිය ගොස් ඇති බවට සැක කෙරෙන බව ජාතික අපරාධ ඒජන්සිය (NCA) සඳහන් කර තිබෙනවා

ජාතික අපරාධ ඒජන්සිය පවසන්නේ එක්සත් රාජධානියේ මරණවලට සෘජු හේතුව රසායනික ද්‍රව්‍ය බවට තහවුරු කළ නොහැකි නමුත් සිදුවිය හැකි අපරාධ වැරදි පිළිබඳව විමර්ශනය කරන බවයි.

බ්‍රිතාන්‍ය පොලිසිය මෙම ද්‍රව්‍ය මිලදී ගත් අය සොයා ගැනීම සඳහා ලිපින සිය ගණනක සිටින අයව සොයමින් සිටින බව සඳහන් වනවා

මේ සම්බන්ධයෙන් Kenneth Law නැමැති අයෙක් පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර කැනඩාවේදී සියදිවි නසා ගැනීමට සහය වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා

57 හැවිරිදි Kenneth Law සියදිවි නසා ගැනීමට ආධාර කිරීම සඳහා උපකරණ අලෙවි කරන වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහු රටවල් 40කට වැඩි ගණනක පාරිභෝගිකයන් වෙත යවන ලද විෂ සහිත රසායනගාරයක් ද ඊට ඇතුළත්ව තිබෙනවා

අප්‍රේල් මාසයේදී ටොරොන්ටෝ ප්‍රදේශයේ වැඩිහිටියෙකු හදිසියේ මිය යාමෙන් පසුව මේ පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කළ බවයි ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබෙන්නේ

Kenneth Law අත්අඩංගුවට ගත් දා සිට, එක්සත් රාජධානිය පුරා පොලිස් බලකායන් මෙම ද්‍රව්‍යය ඇණවුම් කළ සෑම කෙනෙකුම පරීක්ෂා කරමින් සිටින බවද සඳහන් වනවා

මේ අතර වසර දෙකක කාලයක් තුළ එක්සත් රාජධානියේ පුද්ගලයින් 232 දෙනෙකු Kenneth Lawගෙන් මෙම විෂ සහිත ද්‍රව්‍ය මිලදී ගත් බවට හඳුනාගෙන ඇති බව ජාතික අපරාධ ඒජන්සිය පවසා තිබෙනවා

Share This