එක්සත් රාජධානිය පවුම් බිලියන 2.5 ක මිලිටරි ආධාර යුක්‍රේනයට ලබාදීමට තීරණය කෙරේ

එක්සත් රාජධානිය පවුම් බිලියන 2.5 ක මිලිටරි ආධාර යුක්‍රේනයට ලබාදීමට තීරණය කෙරේ

එක්සත් රාජධානිය යුක්‍රේනයට පවුම් බිලියන 2.5 ක මිලිටරි ආධාර ලබා දෙන බව එරට අගමැති රිෂි සුනක් පවසා තිබෙනවා

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ සංචාරයක් අතරතුරදීවන අතර ඔහු දිගුකාලීන ආරක්ෂාවට සහය වන නව ගිවිසුමකට ද අත්සන් තබනු ඇති බවයි පැවසෙන්නේ

මෙම පැකේජය තුලින් යුක්‍රේනයට දිගු දුර මිසයිල, ගුවන් ආරක්ෂක සහ කාලතුවක්කු උණ්ඩ ලබා දෙන බවයි බලධාරීහු පවසා තිබෙන්නේ

ඩ්‍රෝන යානා සඳහා පවුම් මිලියන 200ක් පමණ වැය කෙරෙනු ඇති අතර ඒවායින් බොහොමයක් එක්සත් රාජධානියේ නිෂ්පාදිත ඒවා වන බවද සඳහන්

අප්‍රේල් මාසයේ ආරම්භවන මීළඟ මූල්‍ය වර්ෂය සඳහා ඕනෑම රටක් විසින් යුක්‍රේනයට විශාලතම ඩ්‍රෝන යානා බෙදා හැරීමට හේතු වනු ඇති බව නිලධාරීන් පවසා තිබෙනවා

Share This