එක්ස්ප්‍රස් පර්ල් දූෂණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් වන්දි

එක්ස්ප්‍රස් පර්ල් දූෂණයෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් වන්දි

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර ඇති අතර ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී එම ජනතාව හමුවූ අවස්ථාවේ ඔවුන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත්වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස සිදු කළ ඉලලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ
අවිධිමත් ශ්‍රම වෙළෙඳපොලේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සඳහන් කර ඇති බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් පවතින අතර ඊට සමගාමීව හම්බන්තොට සහ කොළඹ වරායද සංවර්ධන කෙරෙන බව වරාය පහසුකම් වැඩිදියුණු කරන ලෙස එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Share This