එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී එක් වෙමින්

අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක් වුණා

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා

Share This