
එයාර් ඉන්දියා අහමදාබාද්-ලන්ඩන් ගුවන්යානයක් අනතුරට ලක්වේ
ගුජරාටයේ – අහමදාබාද් හි සිට ලන්ඩනය බලා ගමන් කළ AI171 ගුවන් යානයක් අද (12) අනතුරට ලක්ව තිබෙනවා.
මේ වනවිට හදිසි සේවා ආරම්භ කර ඇති අතර, ගිනි නිවන හමුදාව සහ වෛද්‍ය කණ්ඩායම් ගලවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් තොටුපළට පිටත්ව ගොස් තිබෙනවා.
අහමදාබාද් ගුවන්තොටුපළෙන් පුද්ගලයින් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක් වුණා.
මගීන් 232 ක් සහ කාර්ය මණ්ඩලය 10 ක් සමග ගුවන් යානය ගමන් කරමින් තිබුණේ ලන්ඩනය බලායි.
ගුවන් යානය පහළට පියාසර කරමින් පහළට ඇදී ගොස් යානය බිම වැදී දැවැන්ත ගිනි බෝලයක් තුළ පුපුරා යන ආකාරය වීඩියෝවක දැක්වෙන බව විදෙස් පුවත් පැවසුවා.
ප.ව. 1.38 ට කඩා වැටීමට පෙර යානය මිනිත්තු පහක් පමණ පියාසර කර තිබෙනවා.
අහමදාබාද්-ලන්ඩන් ගැට්වික් ධාවනය වන AI 171 ගුවන් යානය අද සිදුවීමකට සම්බන්ධ වූ බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
හදිසි සේවා ආරම්භ කර ඇති අතර, ගිනි නිවන හමුදාව සහ වෛද්‍ය කණ්ඩායම් ගලවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.