එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ඉන්දියාවේ බැංගලෝර් සිට කොචි බලා පිටත් වූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

එහි එන්ජිමක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යානය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එය ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අනතුරුව එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Share This