එළ ගවයින් ආනයනයේදී සිදු වූ වංචාවක් ගැන ලංකා කිරි ගොවීන්ගේ සංගමයෙන් අනාවරණයක්

එළ ගවයින් ආනයනයේදී සිදු වූ වංචාවක් ගැන ලංකා කිරි ගොවීන්ගේ සංගමයෙන් අනාවරණයක්

2008 වසරේ ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගෙන්වූ එළදෙනුන්ගෙන් කිසිදු ලාභයක් ඉපයීමට නොහැකි වූ බව ලංකා කිරි ගොවීන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ හේතුවෙන් මෙරට කිරි ගොවි කර්මාන්තය බිඳවැටී ඇති බවත්, ඒ සඳහා වගකිව යුත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා බවත් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට කිරිගොවි කර්මාන්තය කලක සිට පවතින්නේ පහළ මට්ටමකයි.

කිරි නිෂ්පාදනය කිරීමේ අරමුණින් 2008 වසරේදී රජයේ කිරි ගොවිපළවල් සඳහා ඔට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි එළදෙණුන්ගෙන් නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිවීම කිරිගොවි කර්මාන්තය බිඳ වැටීමට හේතුව බවටයි කිරි ගොවි සංගම් ප්‍රකාශ කරන්නේ.

මෙලෙස කිරිගොවි කර්මාන්තය බිඳ වැටීමට බලපෑ හේතුවට වගකිව යුත්තන් පිළිබඳව ලංකා කිරි ගොවි සංගමයේ, උප සභාපති, අමල් සූරියගේ මහතා විශේෂ අනාවරණයක් සිදු කළා.

කිරි ගවයින් ගෙන්වීමේ දී පසුගිය රජයන් 5 ක් යටතේ වංචා සිදුව ඇතැයි සූරියගේ මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම වංචාවන්ට වගකිවයුතු බවයි.

මෙම වංචා මැඩීමට සහාය දක්වන ලෙස සූරියගේ මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර පසුගිය හිටපු අමාත්‍යවරුන් ගණනාවක්ම කිරි ගවයින් ගෙන්වීම තමන්ගේ මඩිය පුරවා ගැනීමට යොදා ගත් බව ද පැවසුවා.

Share This