එ. ජා. ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධය දැක් වූ විමල් වීරවංශ ඇතුලු 06 ට එරෙහි නඩුව නොවැ.10

එ. ජා. ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධය දැක් වූ විමල් වීරවංශ ඇතුලු 06 ට එරෙහි නඩුව නොවැ.10

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 දින පවත්වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(1) නියෝග කළා.

මෙම නියෝගය සිදු කළේ සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු අද අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන්.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

Share This