ඔබ නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

ඔබ නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

අද (21) පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම ද මෙවර තහනම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කිරීම සිදු කළ යුතු ආකාරය පහතින්…

 

Share This