ඔයාමඩුව, නිකවැව වෙඩි වැදුන වන අලියකුට ප්‍රතිකාර කිරීම ඇරඹේ

ඔයාමඩුව, නිකවැව වෙඩි වැදුන වන අලියකුට ප්‍රතිකාර කිරීම ඇරඹේ

ඔයාමඩුව නිකවැව ප්‍රදේශයේ ඉදිරි දකුණු පාදයට වෙඩි වැඩී අසාධ්‍යව සිටි වන අලියකුට ප්‍රතිකාර සිදු කිරීම අද(27) ආරම්භ කෙරුණා.

විලච්චිය වනජීවි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත සොයාගත් වයස අවුරුදු 10ත් -12ත් අතර පසුවන එම වන අලියාට, ප්‍රතිකාර සිදු කිරීම ආරම්භ කළේ අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවියගේ මූලිකත්වයෙන් වනජිවි පශු වෛද්‍ය නිලධාරීන් එක්වයි.

පශූ වෛද්‍යවරිය කියා සිටියේ එම වන අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර සිදු කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කළ අතර , ඉදිරියේදී වන අලියා නිර්වින්දනය කර තුවාලය පිරිසිදු කර ප්‍රතිකාර සිදුකරන බවයි.

 

Share This