ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි ගෙන් විපක්ෂ නායක හමුවී  ඉල්ලූ දේ

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි ගෙන් විපක්ෂ නායක හමුවී ඉල්ලූ දේ

මෙරට සංචාරයක නිරත වී සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති නිවසේ දී සිදු වුණා.

ඒ මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සදහා එක්වූ අවස්ථාවේ දීයි.

එහි දී විපක්ෂ නායකවරයා සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ගෙන් ඉල්ලා ඇත්තේ අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ නිෂ්පාදන ⁣සදහා ඔස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා තිබෙනවා.

 

Share This