
ඔස්ට්‍රේලියාව එක්ක අපේ පොලීසිය සහයෝගයෙන් වැඩ කරන්න ගිවිසුමක්
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අන්තර් ජාතික අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම සදහා පොලිස් සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය සැරසේ.
ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් වෙළදාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
දෙපාර්ශවය අතර අන්තර් ජාතික අපරාධ මැඩලීම සහ පොලිස් සහයෝගීතාව පිළිබද කරුණු මෙම ගිවිසුමට ඇතුළත් වේ.