ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ තිබූ කාම්බෝජයට අයිති මූර්ති ආපසු ලබා දෙයි

ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ තිබූ කාම්බෝජයට අයිති මූර්ති ආපසු ලබා දෙයි

ඕස්ට්‍රේලියාවේ කෞතුකාගාරයක තිබු කාම්බෝජයට අයිති ලෝකඩ මූර්ති තුනක් නැවත ආපසු ලබා දීමට තීරණය කර තිබෙනවා

මෙම මුර්ති 9 වැනි සහ 10 වැනි සියවස්වලට අයත් ඒවා බවටයි අනාවරණය වී ඇත්තේ

දෙරට විසින් දශකයක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් පසුව මේවායේ අයිතිය පිළිබඳව තීරණය කර තිබෙනවා

කාම්බෝජයේ රජය මේ ඓතිහාසික පියවර සම්බන්ධයෙන් පවසා ඇත්තේ අතීත අසාධාරණයන් නිවැරදි කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙසිනුයි

මේ අතර 2020 වසරේ දී මියගිය බ්‍රිතාන්‍ය කෞතුක වස්තු ජාවාරම්කරුවෙක් වන Douglas Latchford වෙතින් 2011 වසරේදී ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.3 කට මෙම මූර්ති මිලදී ගත් බව ඕස්ට්‍රේලියාවේ ජාතික කෞතුකාගාරය (NGA) පවසනවා

Douglas Latchford 2016 වසරේ සිට නීති විරෝධී පුරාවස්තු වෙළඳාමට සම්බන්ධ වී ඇති බව ඕස්ට්‍රේලියාවේ ජාතික කෞතුකාගාරය සඳහන් කර ඇති බවද සඳහන්

මෙම මුර්තින් නැවත කාම්බෝජයට භාර දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කලා කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත සුසාන් ටෙම්පල්මන් පවසා ඇත්තේ ඓතිහාසික වරදක් නිවැරැදි කර ගැනීමට මෙන්ම අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට සහ අපගේ අවබෝධය වඩාත් තහවුරු කිරීමටත් අවස්ථාවක් වූ බවයි

Share This