ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව, එරට මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බවයි අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ

එම වාර්තාවට අනුව, මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් කොරල්පරවල පැවැත්මට හානිවී ඇති බව සඳහන්

කෙසේ වෙතත් කොරල්පර අතුරුදහන් වීම රටේ මුහුදු සීමාවට බලපෑම් ඇති කළ හැකි බවයි එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ

එමෙන්ම කොරල්පර මත ජීවත් වන සහ යැපෙන ජීවින්ට මේ තුළින් බලපෑම් ඇති කරන අතර එම ජීවි කොටස් වදවීයාමේ අවදානමක්ද මේ හේතුවෙන් පවතින බව සඳහන්

Share This