
ඖෂධ හිගයක් නැහැ. බය කරන්න එපා!
මේ දිනවල කතබහට ලක්වන පිළිකා සදහා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ලබාදෙන ඖෂධය සති දෙකක වැනි කාලයක් සැපයුමේ බිද වැටීමක් තිබුණ ද එය යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.’
ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ඔහු පවසන්නේ අධිරුධිර පීඩනය,දියවැඩියාව වැනි රෝග සදහා ලබා දෙන ඖෂධ යම් බිදවැටීම් තමන් නිරීක්ෂණය කර ඇති බවයි.
සැපයුම් ජාලයේ ඇති එවැනි බිදවැටීම් සදහා අවස්ඃය ප්‍රතිකර්ම යොදා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
පිළිකා ප්‍රතිකාර වලින් පසුව ලබාදෙන ඖෂධ ප්‍රමාදයට මේ වනවිට පිළියම් යොදා ඇති බවත්, ඉදිරි සතියේ සිට මෙම ඖෂධ ලබාගැනීමට පියවර ගෙන ඇති බව ද වෛද්‍ය විජේමුනි මහතා සදහන් කළා.
සති දෙකක් තුළ ඉදිරි මාස 10 කට ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය අයදුම් කර ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.