
කංජිපානිගෙන් මල් ශාලා හිමිකරුට තර්ජන
ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා හිමිකරුට ඊයේ (10) රාත්‍රියේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මල් ශාලාවේ පාලනාධිකාරිය විසින් බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික මල් ශාලාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (12) උදෑසන අදාළ මල් ශාලාවේ තැන්පත් කිරීමටයි නියමිතව ඇත්තේ.