කච්චතිව් දූපතේ අයිතිය කිසිසේත් ඉන්දියාවට නොදෙන බවට ධීවර අමාත්‍ය වරයාගෙන් ප්‍රකාශයක්

කච්චතිව් දූපතේ අයිතිය කිසිසේත් ඉන්දියාවට නොදෙන බවට ධීවර අමාත්‍ය වරයාගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය තාන්ත්‍රිකව ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවට අයත්ව ඇති කච්චතිව් දූපත කිසිවෙකුට යළි පවරා ගැනීමට නොහැකි බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් පසුගිය 27 වැනිදා දිල්ලියේ පැවති උත්සවයකදී කච්චතිව් දූපත සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ධීවර අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

මෙරට අග්‍රාමාත්‍යවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 වසරේ අත්සන් තැබුණු ගිවිසමකට අනුව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අයත්ව ඇති කච්චතිව් දූපත ඉන්දියාවේ මැතිවරණ ඉලක්ක කරගනිමින් සෑම වර්ෂයකම පාහෝ ආන්දෝලනාත්මක මාතෘක්වක් බවට පත්වන්නේ, එහි අයිතිය යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින්.

එවන් පසුබිමක පසුගිය 27 වැනිදා ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් භාරතීය ජනතා පක්ෂය විසින් දිල්ලියේ සංවිධානය කරන ලද උත්සවයකට එක්වෙමින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සිදු වූයේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර බවයි. මේ නිසා තමිල්නාඩුව තුල නොවිසදුන ගැටලු රැසක් ඇති බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවර‍යා පැවසුවා.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, කච්චතිව් දූපතේ අයිතිය කිසිසේත් ඉන්දියාවට නොදෙන බවයි.

Share This