
කටුනායකට පැමිණි නීති විරෝධී සර්පයින් දෙහිවල යයි
ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ( Yellow Anacoda ) , ස්පෙකල්ඩ් කිංග් ස්නේක් (Speckled King Snake ) , බෝල් පයිතන් ( Ball Python ) හා මිල්ක් ස්නේක් ( Hondurun Milk Snake ) සර්ප විශේෂ හතරට අයත් සර්පයින් 6 දෙනකු කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සදහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව නිරෝධායනය සදහා යොමු කර ඇති බවත් , නිරෝධායන කාල සීමාවෙන් පසු මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත බවත්.
මෙලෙස භාරදෙනු ලැබු සර්ප විශේෂ අතුරින් ( Yellow Anacoda ) , ස්පෙකල්ඩ් කිංග් ස්නේක් (Speckled King Snake ) , දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුල නොමැති සර්පයන් බවත් නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු සියලූ සර්පයන් උරඟ උයන මහජනතාවට දැක බලා ගැනීමට යොමුකරනු ලබන බවත් දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පැවසුවා.


