
කටුනායක ගුවන්තොටුපොලට පැමිණෙන මගී ජනතාවට අද සිට 24 × 7 මගී බස් රථ සේවාවක්
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස අද (05) සිට ගුවන්තොටුපොළ තුළ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් ආරම්භ කර තිබෙනවා
මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය අද සිට ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කරන අතර මෙම සේවාව 24 × 7 සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.
දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසුවේ.
මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව මෙම සේවයේ යොදවනු ලබන බව සඳහන්
රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා සුවපහසුවෙන් පැමිණීමේ අවස්ථාව මේ මගින් මගී ජනතාවට හිමි වනවා