
කඨින චීවර පූජාවෙන් සුවඳවත්වූ ඇලබාමා බෞද්ධ විහාරය
ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඇලබාමා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය පසුගියදා සිදුකෙරුණා.
තෙමස් වස් ශීලය සමාදන් වූ විහාරස්ථානාධිපති පූජ්‍ය බැමිණියන්වල ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ භික්‍ෂූන් වහන්සේ මෙන්ම උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නාහිමි ඉන්දියාවේ රජගහ නුවර වේළුවන් විහාරාධිපති පූජ්‍ය පල්ලේගම විජිත ස්වාමීන් වහන්සේ ද මෙම අසිරිමත් කඨින චීවර පුණ්‍ය කර්මය වෙනුවෙන් වැඩම කරනු ලැබුවා.
ඇලබාමාහි සියලු බෞද්ධ පින්වතුන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
 
  
  
  
 


