
කඩුවෙල පොලීසිය සිදුකල වෙඩි තැබීමක් පුද්ගලයෙක් තුවාල ලබයි
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.
පොලිසිය පැවසුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු පොලිස් නිලධාරීන්ට ආයුධයකින් පහරදීම සඳහා උත්සාහ කළ බවයි.
එහිදී පොලිසිය කළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.