කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර, ඒ සඳහා වන සන්නස් පත්‍රය විහාරාධිපති අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේ වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරනි අමරසූරියගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

සන්නස්පත්‍ර ප්‍රදානයෙන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය , කඩුවෙල කොතලාවල ග්‍රාමයේ පිහිටි සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස් පත්‍රය අපේ නායක ස්වාමින්වහන්සේට පූජා කළා. සුවිශේෂී දවසකයි මෙම උත්සවය පවත්වන්නෙ, ඒ මෙම විහාරස්ථෘනයේ වර්තමානයේ නායකත්වය සපයමින් වැඩ සිටින, අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේගේ ජන්ම දිනයටම යෙදී තිබීම යි. තවත් බොහෝ කාලයක් ධර්ම සේවයේ යෙදෙන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා.

මෙහි පැරණි බුද්ධ මන්දිරය ගම්පොළ, කෝට්ටේ යුගයට අයත් පෞරාණික සිතුවම් සහ පිළිම වහන්සේලා වැඩ සිටින බව පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා. අද ඒ වටිනා මැණිකක් බඳු අපේ ඒ එතිහාසික උරුමය සියැසින්ම දැකබලා ගැනීමේ භාග්‍යය මට ලැබුණා. ඒ ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා.

රටක සමාජයේ යහ පැවැත්මට සහ ප්‍රජාවගේ ඒකාබද්ධතාවයට ඒ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් යන කාරණා ලොකු හේතුවක් වෙනවා. අපගේ උරුමයන් තමයි අපට අනාගතය වෙනුවෙන් ශක්තිමත්ව ගොඩනැගෙන්නට පසුබිම හදා දෙන්නෙ.

ඒ උරුමයන්ගේ වටිනාකම් තව තවත් සියලූම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන අයුරින් රැකගැනීම රජයක් ලෙස අප වෙත පැවරෙන භාරදූර වගකීමක් වෙනවා.

 

Share This