
කඩොලාන ශාක ප්රජාවට හානි සිදුකළ තිදෙනෙක් අත්අඩංගුවට
කඩොලාන ශාක ප්රජාවට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙක් වංකලෛයි අභයභූමියේ අලුත්පාලම ප්රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අලුත්පාලම ප්රදේශයේ කඩොලාන වර්ගයේ ශාක කපා ඉවත් කරමින් , ඒවායේ අතු කපා බෝට්ටුවට පටවමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් සමඟ බෝට්ටුවක්, එන්ජීන් 01ක්, භූමිතෙල් ලීටර් 08 ක් සහිත ලීටර් 20 කහපාට බැරල් 01ක්, එම බැරලයට සවිකරන ලද මිලිලීටර් 250 ක් පමණ අඩංගු ප්ලාස්ටික් බෝතලයක් සහ කපා ඉවත් කරන ලද කඩොලාන ශාක අතු 35ක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් සහ එම භාණ්ඩ තොගය මන්නාරම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එක් අයෙකුට ලක්ෂය බැගින් වු ශරීර ඇප 2 බැගින් ශරිර ඇප 06ක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් බැවින් බෝට්ටුව සහ එන්ජීම නැවත ඔවුනට භාර දෙන ලෙසද නියෝග කර තිබෙනවා.