
‘කණ්ඩලමේ හැඩකාරයා’ ට අසාධ්‍යයි(VIDEO)
ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති විකාශය හරහා පළමු වරට රටට අනාවරණය කළ රැකවරණය අවැසිව සිටි‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන වන අලියා නැවත වරක් අසාධ්‍ය තත්ත්වයෙන් කන්ඩලම වැව ඉස්මත්තේ වැටී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
මෙවන් පසුබිමක රැකවරණය අවැසිව සිටි‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන වන අලියාගේ දකුණු පාදයට වෙඩි වැදීම නිසා කණ්ඩලම වැව ඉස්මත්තේ ඇද වැටී සිටින ආකාරය අප පසුගියදා ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති විකාශය හරහා රටට අනාවරණය කළා.
ඒ හරහා බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුවෙමින් පසුගිය කාල සීමාවේදී ගිරිතලේ සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරනු ලැබුවා.
ඒ අනුව සත්වයාගේ සෞඛ්‍ය තත්වය පෙරට වඩා යහපත් මට්ටමට පැමිණියා.
කෙසේවෙතත් තුවාල ලබා සිටි වන අලියාගේ සෞඛ්‍ය තත්ත්වය නැවත වරක් අසාධ්‍ය වෙමින් කන්ඩලම වැව ඉස්මත්තේ නැගිටීමට නොහැකිව වැටී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
එලෙස දින තුනක පටන් අසාධ්‍ය තත්ත්වයෙන් ජලය මත වැතිර සිටින බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කලේ.