කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
කථානායක අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන තිබෙනවා
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන් යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දිය යුතු වනවා