කබ්රාල් ‘ඇමති පුටුවයි මැති සබයයි ‘ දෙකම අතහරින්න සුදානමක් ?(VIDEO)
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වීමට තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සඳහන් වන බව අද (07) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියා.
ඔහු මෙලෙස ඉල්ලා අස්වනු ඇතැයි සඳහන් වන්නේ නැවතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බව ගැනීම සඳහා රජය විසින් කරන ලද ආරාධනය පිළිගැනිමට බව වැඩිදුරටත් වාර්තා වනවා.
දැනට මහ බැංකුවේ අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරක් සදහා සඳහා පත්කරනු ඇතැයිද වාර්තා වන බව එම පුවත්පතේ දැක්වෙනවා.
මහ බැංකු අධිපතිවරයා තම තනතුරෙන් ඉවත් වීමත් සමග කබ්රාල් මහතා දැනට හොබවන තනතුරුවලින් ද ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.