
කරදර බව කියා ප්‍රදේශවාසීන් පිරිසක් හන්තාන මාර්ගය වසා විරෝධයක
හන්තාන මාර්ගයේ ඇති ආගමික සිද්ධස්ථාන හා වෙනත් නැරඹිය හැකි ස්ථානවලට ලංකාවේ සතර දිබ්බාගයෙන්ම විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කිරීම නිසා තමන්ගේ දෛනික ජීවිතයට මහත් බාධාකාරී තත්ත්වයක් උදාවී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද(27) දහවල් විරෝධතාවයක නිරත වුණා.
හන්තාන මූලික අධ්‍යයන ආයතනය අසල සිට එහි ගමන්ගත් රථවාහනවලට මග අවහිර කරමින් විරෝධයේ නිරත පිරිස් පැවසුවේ මාර්ගයේ ගමන් කරන තමන්ගේ ආරක්ෂාව නිසි පරිදි සිදු නොවන බවත්, රිය අනතුරු ගණනාවකටම හසුවී රෝගී වී සිටින පිරිස සහ මරණයට පත් වූ පිරිසක් සිටින බවයි.
මෙම මාර්ගය පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව බලධාරීන් කොතෙක් දැනුවත් කළත් කිසිදු පිළිසරණක් නැතැයි විරෝධතාකරුවන් පැවසුවා.
ඊට ආසන්නතම සිද්ධිය වූයේ මීට දින කිහිපයකට පෙර අනුරාධපුරයේ සිට ළමුන් පිරිසක් රැගෙන ආ බස් රථයක් හා මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඇතිවූ සුළු සිද්ධියක් පහරදීමක් දක්වා දුරදිග යාමක්.
පසුව එම ස්ථානයට පැමිණි මහනුවර පොලිස් අධිකාරී සහ මහනුවර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන්ට කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට හැකි වුණා.


