කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් එකඟතාවක්
කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය 2021-2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් එකඟතාවට අත්සන් තැබීම කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු වුණා.
එම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු සමග එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ද එක්ව සිටියා.