
කල්පිටියේ අයිස් සහ හෙරොයින් ගෙනා බෝට්ටු දෙකක් සහ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට
ඊයේ කල්පිටිය මුහුදු තීරයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රා දෙකක් සහ සැක පිත් පුද්ගලයින් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.
එහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ ග්‍රෑම් 14 කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රවය කිලෝ ග්‍රෑම් 63 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගත්තා.
නාවික හමුදාපති වයිස් අදිමිරාල් කාංචන බානගොඩ මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ නාවික හමුදාව ලද තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදුකළ බවයි.
එහිදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුවේ දෙදෙන්කු සිට ඇති අතර ඊට සහාය විමට පැමිණි අනෙක් බෝට්ටුවේ ද දෙදෙන්කු සිටි බව නාවික හමුදාපතිවරයා පැවසුවා.
මෙහි කවර 3 ක බහා තිබූ මත්ද්‍රව්‍ය හොරොයින් සහ අයිස් බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර් යාංශය තහවුරු කරගත් බව නාවික හමුදාපතිවරයා පැවසුවා.
රට තුල ව්‍යසන තත්ත්වයක් පවතින අවස්ථාවක ජාවාරම් කරුවන් සිය අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බව නිරීක්ෂණය වී ඇතැත් ජාතික ආරක්ෂාව එලෙසම පවතින බව නාවික හමුදාපතිවරයා අවධාරණය කළා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මරත්න මහතා පැවසුවේ මේ වසරේ ගතවූ කාලය තුල මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පුද්ගලයින් 35,859 ක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බවයි.
මේ වසරේ ගත වූ කාලය තුල හෙරොයින් කිලෝ ග්‍රෑම් 1754ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3535 ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 15,975 ක් පොලීසිය භාරයට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
