කල් ඉකුත් වූ පාස්පෝට් වලින් විදෙස් මත්පැන් ඩියුටි ෆ්‍රී ක්‍රමයට අදින දෙන්නෙක් කටුනයක දී අල්ලයි

කල් ඉකුත් වූ පාස්පෝට් වලින් විදෙස් මත්පැන් ඩියුටි ෆ්‍රී ක්‍රමයට අදින දෙන්නෙක් කටුනයක දී අල්ලයි

රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් අද(04) උදෑසන සිය භාරයට ගත් කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් , ඒ තුළ තිබූ අන්සතු ගමන් බලපත්‍ර 35 ක් ද සොයා ගෙන තිබෙනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවා 22 හැවිරිදි දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

පොලීසිය පැවසුවේ මේ පුද්ගලයා මාසයකට 15 වතාවක් පමණ ගුවන් ගමන්වල නිරත වෙමින්යකු බවයි.

ඔහු සන්තකයෙහි මියගිය කාන්තාවන්ගේ , භික්ෂුන් වහන්සේලාගේ , ශිෂ්‍යයන්ගේ ගමන් බලපත්‍ර මෙන්ම කල් ඉකුත් වූ සහ අවලංගු වූ ගමන් බලපත්‍ර ද තිබී සොයාගෙන තිබුණා.

මෙම ප්‍රධාන ජාවාරම්කරුට අයත් ගමන් බලපත්‍ර 06 ක් තිබීම ද විශේෂත්වයක්.

ඔහු මෙම ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් විදෙස් මත්පැන් තොගය ලබා ගෙන ඇති අතර ඉන් කොටසක් වෙනත් වාහනයකින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යවා තිබුණා.

කටුනායක පොලීසිය මගින් භාරයට ගත් විදේශීය මත්පැන් බෝතල් 30 අතර වොඩ්කා , ටිකිලා සහ විස්කි බෝතල්  ද ඊට අමතරව දේශීය රුපියල් 147,000 ක් සහ ඇමෙරිකානු ඩොලර් 1,376 ක් ද තිබූ බව පොලීසිය සදහන් කළා.

පොලීසිය මගින් අත් අඩංගුවට ගත් අනෙක් ජාවාරම්කරුවා වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෑන් රථ රියැදුරුවරයෙක්.

 

Share This