
කසිප්පු බී බස් රථය පැදවූ ලංගම රියදුරෙක් නුවරඑළියේ දී අත්අඩංගුවට
අධිකලෙස බීමත්ව වැලිමඩ සිට නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරකු අද (03) නුවරඑළිය රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් මෙම බස් රථය නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතා ඇල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරත රථ වාහන පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කිරීමේ දී ඔහු අධික ලෙස බීමත්ව සිටි බවයි.
රියදුරු අත් අඩංගුවට පත් වන විට සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් බස් රථයේ සිට තිබෙනවා.
පසුව බස් රථය පරීක්ෂා කිරීමේ දී රියදුරු අසුන පිටුපස තිබී නීති විරෝධී මත් පැන් ( කසිප්පු ) සහිත කෑන් එකක් ද සොයාගත් බව අප වාර්තාකරු පැවසුවා.
පොලීසිය සැක පළකර ඇත්තේ බස් රථය පදවන අතර වතුර බොන මුවාවෙන් ඔහු කසිප්පු පානය කර ඇති බවයි.
අදාල ඩිපෝවේ වෙනත් රියදුරකු කැදවා මගීන් ගමනාන්තය වෙත රැගෙන යන ලෙස උපදෙස් දී තිබෙනවා.