
කළුතර උතුර පොලිස් ස්ථානාධිපති රිය අනතුරකින් රෝහලට
කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී වැන් රථයක ගැටී තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේ දී පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කිරීමේදී වැන් රථයක ගැටී ඇති බවයි.
ස්ථානාධිපති වරයා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබෙනවා.
වැන් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.