කළුතර උතුර මුහුදේ  ධීවරයින් නැති බහුදින යාත්‍රාවක් පාවෙයි

කළුතර උතුර මුහුදේ ධීවරයින් නැති බහුදින යාත්‍රාවක් පාවෙයි

කලුතර උතුර මුහුදේ බහු දින යාත්‍රාවක් පාවෙමින් තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

එම යාත්‍රාව දහවල් 11.30 වනවිට කළුතර උතුර මුහුදු වෙරළට කිලෝ මීටරයක් පමණ දුරකින් පාවෙමින් තිබෙන ආකාරය දැකගත හැකි වුණා.

කළුතර උතුර පොලිසිය මේ පිළිබඳ පරීක්ෂා කිරීමෙන් පසුව පැවසුවේ MO 12060 අංක දරණ මෙම බහු දින යාත්‍රාව ඉන්දියාවට අයත් එකක් බවට අනුමාන කරන බවයි.

එම ධීවර යාත්‍රාවේ කිසිදු පුද්ගලයකු දක්නට නොලැබෙන බවද පොලිසිය සදහන් කළා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු වගකිව යුතු ආයතන දැනුවත් කර ඇති බව කළුතර උතුර පොලිසිය සදහන් කළා.

 

 

Share This